මානුෂිය මෙහෙයුමේදී මිය ගිය කොටි සාමාජිකයන් සැමරීමේ උත්සවයක් වව්නියාවේදී පවත්වා තිබේ. දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාගේ නිවසේදි මෙම සැමරුම පවත්වා තිබේ.
නිවසේදී කොටි සැමරුම පැවැත්විමෙන් අනතුරුව කෝවිලට ගොස් කොටි සාමාජිකයන් සිහි කිරීමක්ද කර තිබේ. මේ අවස්තාවට ටී. එන්. ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙක්ද සහභාගීවි තිබේ.