රුපියල් මිලියන 167 මූල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව අධිකරණයෙන් අැප මත නිදහස්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට අවැසි අවසරය කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (14දා) ලබාදුන්නේය.
සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදිකිරීමට යැයි පවසමින් රාඩා ආයතනය හරහා රුපියල් මිලියන 167ක වංචාවක් කළැයි ටිරාන්ට අලස්ට චෝදනා පවතියි.
තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට යෑමට අවැසි බව පවසමින් අලස් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඔහු ප්රතිශෝධන අයැදුමක් මහාධිකරණයට ඉදිරිපත් කළේය.