&කවුරුන් හෝ රට බෙදන ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයට ජනතාවගේ, ආණ්ඩුවේ අරමුදල් දැනුවත්ව ලබාදුන්නා නම්, විශේෂයෙන් මාවිල්ආරුවෙන් පස්සෙ අපේ සෙබළු මිය යද්දි, අපේ ජනතාව මියයද්දි යුද හමුදාපතිවරයාට බෝම්බ ප්‍රහාර එල්ල කරලා තියෙද්දි ඒ කටයුත්ත කළා නම් ඒ පුද්ගලයන්ගේ හෘදසාක්ෂියෙනුයි රටේ නීතියෙනුයි විමසන්න ඕන ඒ ගොල්ලො කවරාකාරයේ දේශද්‍රෝහීන්ද කියලා.
මේක ඉතාම පැහැදිලිව රුපියල් මිලියන 800 ක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ට යුද්ධය පවතින අතරතුර කප්පමක් ලෙස ලබාදීම පිළිබඳව කෙරෙන පරීක්ෂණයක්. මේ රුපියල් මිලියන 800 පෞද්ගලික දේපළක් නෙමෙයි. ජනතාවගේ බදු මුදල් ලබාදී තියෙන්නේ.
ඔවුන්ගේ දේශප්‍රේමීත්වය මොකද්ද කියන ඒක ජනාධිපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය කියන සෑමදෙනාගෙන්ම රට දැනගත යුතු ප්‍රශ්නයක්. මේක නිකන් මන්ත්‍රීවරයෙක් ඉලක්ක කරගත් එකක් නෙමෙයි. පැහැදිලිව මේ රටේ සිදුවෙච්ච ඉතාම භයානක දේශද්‍රෝහී ක්‍රියාවලියක් මේ.
අපි සටන් කරන්නෙ අපේ සෙබළු ඇතුළු පිරිස් මරාදාපු කොටින්ට අවිආයුධ ගැනීමට රාජ්‍ය අරමුදල් සැපයූ පුද්ගලයන්ට විරුද්ධවයි. එවැනි දේශද්‍රෝහීන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෑ. ඒක ටිරාන්ට විරුද්ධව ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නෙමේ. ටිරාන් අලස් ඉලක්ක කරගන්නවා කියන ඒවා අපට වැදගත් නෑ.