ටියුනීසියා කෞතුකාගාරයක ප්‍රහාරයක් - විදේශිකයන් බිලි
ටියුනීසියාවේ අගනුවර කෞතුකාගාරයක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් විදේශීය සංචාරකයන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටියුනීසියානු අග්‍රාමාත්‍ය හබීබ් එසීද් පවසා සිටින්නේ ඉතාලි, ස්පාඤ්ඤ හා ජර්මානු ජාතිකයන් මියගිය පිරිස අතර සිටින බවයි.
ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු හා එක් පොලිස් නිලධාරියෙකුද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ මොහොතේ තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුමේදීය.
මධ්‍යම ටියුනීසියාවේ පාර්ලිමේන්තුව සමීපයේ පිහිටි මෙම ස්ථානය බාර්ඩෝ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන අතර, එහි අතිශය පෞරාණික පුරාවස්තු රැසක් තිබේ.
ප්‍රහාරය අතරතුර තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයේ රඳවාගත් පිරිස් අතර බ්‍රිතාන්‍ය, ඉතාලි, ප්‍රංශ හා ස්පාඤ්ඤ ජාතිකයන්ද සිටි බව එරට ගුවන්විදුලිය පවසයි.
කෙසේ වෙතත්, එහි සිටි සෙසු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට හැකිව ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
	.jpg) 
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                