වලංගු වීසා බලපත්ර හෝ විදේශ ගමන් බලපත්ර රහිතව ශ්රී ලංකාවේ රැඳි සිටිමින් පච්චා කෙටීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය රුසියානු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ (20දා) වැලිගම, මිරිස්ස ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුව පත් සැකකරුවන් අවුරුදු 30 හා 25 යන වයස්හි පසුවන්නන් බවද පොලීසිය පවසයි.