ට්‍රම්ප්ගෙන් මැදපෙරදිග රටවලට තවත් තහනමක්
මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රටවලින් ඇමෙරිකාවට පැමිණෙන ගුවන් යානාවලින් විශාල ඉලොක්ට්‍රොනික උපකරණ ගුවන් භාණ්ඩ ලෙස රැගෙන ඒම තහනම් කිරීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ගුවන් යානා බිම හෙළීම සඳහා අන්තවාදී කණ්ඩායම් නව ක්‍රම පිළිබඳව අවධානය යොමුකරමින් තිබෙන බවයි.
එසේම ලැප්ටොප්, ටැබ් පරිගණක, කැමරා, ඩී.වී.ඩී. යන්ත්‍ර මෙන්ම ඉලෙක්ට්‍රොනික පරිගණක ක්‍රීඩා උපකරණ තුළ බෝම්බ සඟවා තැබිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් ඉහත සඳහන් කළ උපකරණ ගුවන් මගියාගේ සමීපයේ තබාගැනීමට අවසරක් ලබාදී තිබෙන අතර, ඒ එම උපකරණ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. එසේම ජංගම දුරකථන මෙම ලැයිස්තුවෙන් ඉවත්කර තිබෙනවා.
ගුවන් තොටුපළ 9ක සිට ක්‍රියාත්මක වන ගුවන් සමාගම් 10කට නව තීරණය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. රෝයල් ජෝර්ඩානියන්, ඊජිප්තු එයාර්, ටර්කිස් එයාර්ලයින්, සවුදි අරාබියා එයාර්ලයින්, කුවේට් එයාර්ලයින්, රෝයල් එයා මොරොක්, කටාර් එයාර්වේස්, එමිරේට්ස්, එටිහැඩ් එයාර්වේස් යන ගුවන් යානා සමාගම් සඳහා මෙම නව තීරණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

