බොදුබලසේනාවෙන් එල්ල කර තිබෙන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තමන් අදාළ චෝදනා සියල්ල සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
තමා කුඩු ජාවාරමේ සහ කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ තමා විසින්ම සිවුරු දාගත් ස්වාමීන් වහන්සේ නමක විසින් සඳහන් කළත්, එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.
මේ නිසා ඥානසාර හිමියන් තමන්ට එරෙහිව එල්ලකළ චෝදනා අධිකරණයේදී ඔප්පු කළ යුතු බවත්, සිදුකළ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු ඊයේ (05දා) සිදුකළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් තමා බී.එම්.ඩබ්ලිව්. මොටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට සඳහන් කර තිබෙන බවත්, එහෙත් තමාට තිබෙන්නේ රාජකාරි වාහනය පමණක් බැවින් අදාළ කරුණු උන්වහන්සේ විසින් අධිකරණයේදී ඔප්පු කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.