පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ඔස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බොදු බලසේනා සංවිධානය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ඇති සංවිධාන රැසක් විසින් එරට රජයෙන් කළ ඉල්ලීමක් මත උන්වහන්සේට ඇති ඔස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීමේ සූදානමක් ඇතැයි එම සංවිධානයේ විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළට අදාළ ලිපිලේඛන කිහිපයක් බොදු බලසේනා සංවිධානය අතට පත්ව ඇති බව ඒ මහතා අවධාරණය කළේය.