ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව උන්වහන්සේ වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරයා අද (31දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වන නඩුවක් වෙනුවේන් උන්වහන්සේ අද පෙනී නොසිටීමට හේතු දක්වමින් නීතිඥවරයා මේ බව සඳහන් කළේය. ඥානසාර හිමියන් රෝහල්ගතව සිටින බවට තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නඩුව නැවතත් ජුනි 12 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.