(UPDATE 12.54 P.M.) අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හොමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එළැඹෙන 09දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
බොදුබල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලීසිය කටයුතු කර තිබේ.
උන්වහන්සේ හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතු වලට බාධා කිරීමේ චෝදනා යටතේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කළේය.
ඥාණසාර හිමියන් අද පෙරවරුවේදී හෝමාගම පොලීසියට පැමිණ බාරවිය.