ශ්‍රී ලංකාවේදී මත්කුඩු ග්‍රෑම් 16ක් සමග අත්අඩංගුවට පත්වූ ජෝර්දාන් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළේය.
අද (15දා) මෙසේ මරණ දණ්ඩනය නියමවූයේ අමීර් යූෂෆ් අල් සුදේන් නම් වූ පුද්ගලයෙකුටය.
2012 වසරේ නොවැම්බර් 22දා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.