ලෝකයේ දෙවැනි විශාලම ආයෝජකයා වශයෙන් සැලකෙන ජෝජ් සෝරොස් ඊයේ (02දා) දිවයිනට පැමිණියේය.
ඇමෙරිකානු ජාතිකයෙක් වන සෝරොස් හංගේරියාවේ උපත ලද්දෙකි. හොංකොං සිට ඔහු ඊයේ රාත්රියේදී දිවයිනට පැමිණි අතර ඔහුගේ බිරිඳ මෙන්ම දරුවන්ද මේ සඳහා එක්ව සිටියේය.
කටුනායක විශේෂ ආරාධිතයන් පිළිගැනීමේ මැදිරියේදී ඔහු පිරිගැනීම සඳහා විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි.
එසේම ගුවන්තොටුපොළට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.
ටී.කේ.ජී. කපිල