රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (28දා) නියෝග කළේය. රුපියල් 25000ක මුදල් අප හා රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප තුනක් මත හිටපු අමාත්‍යවරයා නිදහස් කර තිබේ.
සතොස ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව හම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සතොස ආයතනයේ හිටපු සභාපති ආර්.එම්.ඒ. ප්‍රනාන්දු හා හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකහ් මොහොමඩ් සාකීර් යන අයටද අද ඇප නියමවිය.