ජොන්ස්ටන්ට රට යන්න අවසන්
හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගත වීමට එරෙහිව පනවා තිබූ තහනම ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගාහාන් පිලපිටිය මහතා අද (11දා) නියෝග කළේය. සිය බිරිය හා සිංගප්පූරුවට යෑමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අධිකරණයේ අවසර ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බලමින් අධිකරණය අදාළ තහනම ලිහිල් කළේය.
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මඩකලපුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂති බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර පළාත් සහා හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් නැවතත් එළැඹෙන 24 දා දක්වා රක්ෂිති බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද (11දා) නියෝග කළේය.
මඩකලපුව ජවුෆර් ඛාන්