හිටපු අමාත්‍යවරයෙකු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරය දැරූ, 2008 වසරේ අප්‍රේල් 06 වන දින ත්රස්තවාදීන් විසින් ඝාතනය කළ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා සිහිවීම පිණිස ජීවමාන ආකාරයෙන් ඉටි පිළිරුවක් නිර්මාණය කර තිබේ.
මෙම පිළිරුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී විවෘත කිරීමට නියමිතය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන වත්මන් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 31දා පිළිරුව නිරාවරණය කිරීම සිදුවෙන නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.