නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, නිවසකට ගිනි තබා රුපියල් හයලක්ෂ පනස්දහසක අලාභයක් සිදුකිරීම, වෑන් රථයකට ගිනි තබා රුපියල් ලක්ෂ තිහක අලාභයක් සිදුකිරීම, පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීම යන චෝදනාවලට වරදකරු වූ ගීගනගමගේ අමසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට වසර 28 ක හා මාස හයක සිරදඬුවම් නියමවිය.
මොනරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා ඊයේ (01දා) මෙම දඬුවම නියම කළ අතර, රුපියල් විසිදහසක දඩ හා වින්දිත තැනැත්තාට රුපියල් විසිහතර ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියෝග විය.
අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා දැනට බන්ධනාගාරගතව සිටින චූදිත පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මත මොනරාගල මහාධිකරණය වෙත ගෙනවිත් තිබුණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක