ජීවිතය පූජා කරන්නත් ලෑස්තියි- මෛත්‍රී
නිදහස හා ප්රජාතන්ත්රවාදය වැළලී යද්දී ජනතා සුඛවිහරණය වෙනුවෙන් තමන් ජීවිතය පූජා කිරීමට වුවද සූදානම් බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඊයේ (13දා) දින කුරුණෑගල පැවැති ජන රැලියක් අමතමින් හෙතෙම මේ බවප්‍රකාශ කළේය.
"සංවර්ධන වැඩවලට, ව්‍යාපෘතිවලට 1/3ක් වියදම් කර ඉතුරු 2/3 ආණ්ඩුවේ බලවතුන්ගේ පොකට්වලට පුරවාගන්නවා. අපි 08 වැනිදායින් පසු මීට වඩා විනිවිදභාවයකින්, මේ වගේ තුන් ගුණයකින් සංවර්ධනය කරනවා.
උතුරේ දුම්රිය මාර්ගයට මුලින් කිලෝමීටරයකට රුපියල් මිලියන 44 ක් ඇස්තමේන්තු කළත්, ඒ ඇස්තමේන්තුව පසෙකට දමා අලුත් ඇස්තමේන්තුවක් හැදුවා. ඒ ඇස්තමේන්තුවට අනුව කිලෝමීටරයකට මිලියන 340 ක් වැය වෙනවා.
ඉන්පසුව සඳහන් කරනවා අපි මහ ආශ්චර්යයක් කළා කියලා. පොදු මහජනතාවගේ ආශ්චර්ය හදන අලුත් ආණ්ඩුවක් ඇතිකළ යුතුයි. අද රණවිරුවො අරලියගහ මන්දිරයේ පිඟන් සෝදනවා. තමන් අඳින නිල ඇඳුමට ගෞරව දීලා රාජකාරි කරන්න හැකි වාතාවරණයක් අපි ඇති කරනවා. නිදහස හා ප්රජාතන්ත්රවාදය වැළලී යද්දී ජනතා සුඛවිහරණය වෙනුවෙන් මම ජීවිතය පූජා කරන්න ලෑස්තියි" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

