තමන්ගේ ජීවිතය ගැන නොතකා අන් අයගේ ජීවිත බේරාගත් දේශයේ නිර්භීත වැසියන් 12 දෙනෙකු මෙවර පැවැත්වෙන විරුජන සම්මාන උලෙළේදී ඇගයීමකට ලක් කරන බව ජාතික විරුජන පදනමේ සභාපති කසුන් චන්ද්‍රරත්න මහතා සඳහන් කළේය.
මේ මස 09 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවේදී පැවැත්වෙන විරුජන සම්මාන උලෙළේදී මෙම ඇගයීම සිදුකරන බවද පවසා සිටියේය.
වසර 22 ක් පුරාවට මෙම ඇගයීම සිදුකරන බවත්, වසර 2600 කට ආසන්න ඉතිහාසය ගතහොත් වීරත්වයෙන් සලකනු ලැබුවේ රජවරු සහ ප්‍රභූ පැලැන්තිය බවද සභාපතිවරයා සඳහන් කළේය.
එහෙත් විරුජන පදනම ස්ථාපිත කළ දින සිට තමන්ගේ ජීවිතය නොතකා අන් ජීවිත ගැන සිතා කටයුතු කරන පිරිස් ඇගයීමට ලක්රන බවද හෙතෙම පවසා සිටියේය.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ, අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.