පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුල සිටම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සීමාවාසික පත්වීම් ලැයිස්තුව සකස් කිරීමට නොහැකි බවත්, එහෙත් ඒ සඳහා අවස්ථාවක් ලබාදුන්නේ අමාත්‍යාංශයේ පවතින නම්‍යශීලී ප්‍රතිපත්තිය නිසා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
මතභේදයට තුඩුදුන් නාමලේඛනය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් තබා ඇති ලේඛනය සංසන්දනය කර ගැටලුවක් ඇත්නම් එය සංශෝධනය කරගන්නා ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමාත්‍යවරයා දන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අත්සන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඇතිවී තිබෙන්නේ සුළු කරුණක් බවත්, මෙවැනි සුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා විනාඩි 05 ක් මුණගැසුණේ නම් මෙවැනි ගැටලු කඩිනමින් විසඳා ගැනීමට තිබු බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.