ජපානයේ පැවැත්වෙන ජී 7 සමුළුව නිල වශයෙන් ආරම්භ විය. එහි එක් සැසියක් (Outreach) මේ වන විට ක්රියාත්මක වෙමින් තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද ඒ සඳහා එක්ව සිටියි. ජපාන අග්රාමාත්ය ෂින්ෂෝ අබේ මහතාට යාබද අසුනක් ජනපතිවරයාට හිමිව තිබේ.
මේ අතර ඊයේ (26දා) ජනපතිවරයා ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ මහතා අතර හමුවක්ද පැවැතියේය.
එහිදී දිවිපාර්ශ්වීය ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා වැඩි වශයෙන් අවධානය යොමුව තිබේ.