එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව විසින් ගෙන ආ යෝජනාව පිළිබඳව කතා කිරීමට මාධ්‍යයට වාරණයක් දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරවංශ මහතා කීවේය. කොළඹදී අද (12දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"ඇමෙරිකානු ජිනීවා යෝජනාව ගැන කතා කිරීම මාධ්‍යයට තහනම් කරලා තියෙන්නේ. ඒ හරහා මාධ්‍යයට වාරණයක් කරලා තියෙනවා. ආණ්ඩුව කරන්නේ හරි දෙයක් නම් විරුද්ධ මත වාරණය කිරීමේ අවස්ථාවක් නෑ."
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනන අහෝසිකළ හොත් ඒ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන ත්රස්තවාදීන් නිදහස් වීමේ ඉඩකඩක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.