ජාතික හෙළ උරුමය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා 35 පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ලිපියක් මගින් අද (14දා)ජාතික හෙළ උරුමයට භාර දී තිබේ.
මේ ලිපිය පිළිබඳව ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව සඳුදා රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා කොළඹදී පැවැතිඅතර ඒ සඳහා හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක හා පළාත් අමාත්‍ය උදය ගම්මන්පිළ එක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම හා නිමල් සිරිපාලද සිල්වා එක්වූහ.