නීති විරෝධී අයුරින් ජපානයේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22දා) ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට ජපාන රජය කටයුතු කරනු ලැබීය. ජපානයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුහු අද දහවල් ශ්රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ජපානයේ ආරක්ෂක නිලධාරින් 67 දෙනෙකුද ගුවන් යානයෙන් ශ්රී ලංකාවට පැමිණියහ.