ජාතික නිදහස් පෙරමුණට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වීමට ඇති අයිතිය ගැන සඳහන් කරමින් අන්තර්ජාතික පාර්ලිමේන්තු කමිටුවට පැමිණිලි කරන බව එම පක්ෂයේනියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
කථානායක කරු ජයසූරිය මහතා ලබාදුන් තීරණය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පටහැනිව යමින් ලබාදුන් තීරණයක් යැයි එහිදී ඔප්පු කර පෙන්වන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වීමට ඇති අයිතිය සම්බන්ධ අරගලය නතර කර නොමැති බවත්, යළිත් කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බවත් පැවසූ ඒ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදීදේශපාලන පක්ෂ සමග එක්ව තවත් අරගලයක් ගෙන යන බවත් කියා සිටියේය.