හිටපු මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිදුවීමේ එම ප්‍රහාරය එල්ල කළ සැකකරු රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතා විසින් හඳුනා ගනු ලැබීය.
බෝම්බය පුපුරා ගිය අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අද (29දා) අධිකරණයේදී නැරඹීමෙන් අනතුරුව උත්සව භූමියේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරු, හඳුනාගත්තේය. අනුරාධපුර විශේෂ මහාධිකරණයේ මෙම නඩුව විභාග වෙයි.
උත්සවය ආවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී රශ්මි මහරුෆ් මහතාගේ කැමරාවේ පටිගතව තිබූ දර්ශන අධිකරණයේදී පෙන්වූ අතර රශ්මි මහතාද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.