ජාතිවාදී ආකාරයට සිදුවන සියලුම සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
තම තමන්ගේ බලය රැක ගැනීම සඳහා යහපාලනයක් ඇති කිරීමට බලයට පැමිණි පිරිස් රට අරාජික කර දමා තිබෙන බවද එම පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ.
රට අරාජික වීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතිවාදී කණ්ඩායම් හිස ඔසවමින් තිබෙන බවත්, මේ නිසා 2015 ජනවාරි 08දා ඇතිකරගත් ජනතා පැතුමන් සුණු විසුණු වී යමින් තිබෙන බවත් ඒ හිමියෝ පවසා සිටියහ.