කළුකොඩි දැමීම සඳහා උත්සාහ කරනුයේ ජාතිවාදය අවුස්සන පිරිස් විසින් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ජාතිවාදය අවුස්සන පිරිස් අතර ඇමතිකම් අපේක්ෂාවෙන් සිටින පිරිස්ද සිටින බවත්, මහජනතාව කිසිදු දිනක කළුකොඩි එසවීම සඳහා යොමු නොවන බවත් අමාත්‍යවරයා අද (04දා) මහර පැවැති උත්සවයකදී අවධාරණය කළේය.
“අද වෙනකොට ජාතිවාදී කොටස් නැවත නැගිටිනවා. ජාතිවාදී කොටස් කරන්නේ සිංහලකම, බෞද්ධකම ආරක්ෂා කිරීම නෙවෙයි, නැවත වරක් රට යුද්ධයකට ගෙන යාමයි. දේශපාලඥයෝ තමයි පසුගිය කාලයේ යුද්ධය ඇති කළේ. අද වෙනකොට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් පුළුවන් වෙලා තියෙනවා ලෝකේ ප්‍රශ්න විසඳගෙන යන ගමන් අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයට මුහුණදෙන්න.
අද වෙනකොට උතුරෙද, දකුණෙද කියලා බලන්නේ නැහැ. ආගම්වාදය ජාතිවාදය නැතුව ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් හදලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට එන්න, ඇමතිකම් ගන්න උත්සාහ කරන ජාතිවාදය අවුස්සන පිරිස මේකට කැමති නැහැ. අන්න ඒ කොටස තමයි අද කළුකොඩි දාන්න උත්සාහ කරන්නේ. නමුත් මේ රටේ මහජනතාව කළුකොඩි දාන්නේ නැහැ” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.