ජාතියේ අනාගතය වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ඇතිවී ඇතැයි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජී හත සමුළුවට සහභාගිවිම සඳහා ජපානයට ගොස් නැවත පැමිණිමෙන් පසු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.
සෑම බහුපාර්ශ්වීය හමුවීමකින්ම ශ්රී ලංකාවට නැවත ශක්තිමත්ව පැමිණීමට අවස්ථාව උදාකර දෙන බවත් ඒ හරහා වෙළදාම හා ප්ර ජාතන්ත්රවාද සබඳතා නැවත අලුත් කිරීමට හැකිවෙනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.