ජාතික සාහිත්‍ය මහෝත්සවය ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹින් පිට මහනුවර ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී හා මහානාම මහා විද්‍යාල පරිශ්‍ර‘යේදී සැප්තැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියේය. මහනුවර මහ දිසාපති ගාමිණී සෙනෙවිරත්න, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම සාහිත්‍ය උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති බවයි.