ජාතිවාදී දුෂ්ට උවමනාවන් මුදුන්පත්කර ගැනීම සඳහා යම් යම් කණ්ඩායම් සිදුකරන දූෂ්ට උවමනාවන් නිසා සමාජය පරිහානියට ලක්වෙමින් තිබෙන බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
සමාජයේ සෑම ක්ෂේත්රයක් තුළම ගැටුම් පවතින බවත්, එහි බලපෑම පවුල් ඒකකයේ සිට ආගමික මධ්‍යස්ථාන දක්වා පැතිර තිබෙන බවත් එම පෙරමුණේ ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
මේ පිළිබඳව ගැඹුරින් සැලකිල්ලට ගෙන ජාතික සමගිය ගොඩනැගීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කළයුතු බවද එහිමියෝ පවසා සිටියහ.