කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ 146 දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවා.
ආපදා නිසා හදිසි අනතුරු වූවන්ගේ වැඩිවීමක් හදිසි අනතුරු අංශයට වාර්තා නොවන බවත්, නිවෙස්වල අල්මාරි හා බිත්ති කඩාවැටීම නිසා තුවාල ලැබූ කිහිප දෙනෙකු ඇතුළත් කළ බවත් ඇය කීවාය.
ආපදාවන්ගෙන් විපතට පත්වූ ජනතාවට අවශ්‍ය ඖෂධ අඩුවකින් තොරව ජාතික රෝහල සපයන බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.