එළඹෙන මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්,එය ඉලක්ක කරගනිමින් අද (26දා) සිට ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
ජාතික මදුරු මර්දන සතියඅදසිට අප්‍රේල් 02 වැනිදා දක්වා පැවැත්වෙන අතර,හෙට (27දා) සහ අනින්දා (28දා) තෝරාගත් අධි අවදානම් කලාපවල නිවාස, පාසල්, අනෙකුත් අධ්‍යාපන ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ඉදිකිරිම් පරිශ්‍ර, කර්මාන්ත ශාලා සහ ආගමික ස්ථාන පරික්ෂාවට ලක්කිරීමට නියමිතය.
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11,095 ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව 20 කි.