මාර්තු 29 - අප්‍රේල් 04 දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහීපාල මහතා පැවසීය.
ඩෙංගු රෝගය මර්දනය සඳහා ජනතාව උනන්දු විය යුතු බවත් එසේ නොමැතිවුවහොත් මෙය දිනීමට නොහැකිවන බවත් මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පැවසීය.
ඩෙංගු රෝගය පැතිර යාම අවම කර ගැනීමේ අරමුණින් ඩෙංගු මර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම සතිය තුල වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
වසංගත රෝග විද්‍යා අංශයේ පැවති මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
මේ යටතේ 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බැගින් කණ්ඩායම් 3,000 ක් හරහා මෙම වැඩ සටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේන අතර මෙම කණ්ඩායම් ගෙයින් ගෙට යමින් මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කිරීම හා දැනුවත් කිරීම සිදු කරන අතර මදුරුවන් බෝවන ස්ථාන ඇත්නම් රතු නිවේදනයක් නිකුත් කිරීමටත් ඒ අනුව ක්‍රියා නොකරන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහීපාල මහතා පැවසීය.