ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු තෝරා ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් පෙ.ව. 11.45ට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති මෙන්ම පුහුණුකරු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුවේද සාමාජිකයෙකු වන සනත් ජයසූරිය මහතා පැවැසුවේ මෙහිදී ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය ගන්නා බවයි.
ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා අවසන් වශයෙන් 9 දෙනෙකු තෝරාගෙන තිබෙන අතර එයින් මාවන් අතපත්තු හා මාක් රාම්ප්රකාශ් ඉදිරියෙන් සිටී.