ජාතික පාසල් සඳහා ස්ථිර විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ගැසට් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අද (20දා) පැවසීය.
ජාතික පාසල් 232ක අදාළ පුරප්පාඩු පිරවීම සඳහා මීට පෙරද සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බව අමාත්‍යවරායා පැවසීය. කෙසේ වෙතත් අදාළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින්, අදාළ තනතුරු සඳහා සෑහීමකට පත්විය හැකි සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් නොමැති බව දැනුම් දී තිබූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වනවිට අදාළ පාසල්වල විදුහල්පති රාජකාරි ආවරණය කරනු ලබන්නේ ශ්‍රේණිධාරී නිලධාරීන් විසිනි.