2015 දෙසැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසය සමග සැසඳීමේදී 1.1% ක ඉහළ යාමක් පෙන්වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 දෙසැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.2 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, දෙසැම්බර් මාසයේ දර්ශකය නොවැම්බර් මාසයේ දර්ශකය (112.0) හා සංසන්දනය කරන විට 1.2ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.1% ක වැඩිවීමක් වාර්තා වේ.
මේ සඳහා ආහාර කණ්ඩයේ වටිනාකමේ වෙනස 0.9% කින් හා ආහාර නොවන කාණ්ඩයේ වටිනාකමේ වෙනස 0.1% කින් වැඩිවීම බලපා ඇත.