ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට ජාතික පාරිසරික සංවිධාන එකමුතුව තීරණය කර තිබේ. කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති වැඩසටහනකදී ඔවුන් සිය සයාය මෛත්‍රීපාල සිරිසෙන මහතාට ලබාදුන්නේය.
එසේම මෙහිදී ජාතික පාරිසරික ප්‍රතිපත්තිය එළිදැක්විය. සිවුවැදෑරුම් ප්‍රතිපත්තියක් වන මෙය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් ජනපති වීමෙන් පසුව උපදේශක සභාවක් පත්කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඉන්දික සෙනෙවිරත්න/ හෙරල් සේනාධීර