ශ්‍රී ලංකාවේ පක්ෂි විද්‍යා අංශ කණ්ඩාම හා ජාත්‍යන්තර පක්ෂි ජීවිත සම්බන්ධ ජාතික සංවිධානය මඟින් දෙසැම්බර් මාසය ජාතික පක්ෂීන් නැරඹීමේ මාසය ලෙස නම් කර තිබේ.
නිවර්තන කලාපීය දේශගුණයක පිහිටි ශ්‍රී ලංකාව කුරුලු පාරාදීසයක් ලෙස අනාදිමත් කාලයක සිට හඳුනා ගෙන ඇත.
දේශීය පක්ෂි වර්ග ඇතුළු ඉන්දියාව, සයිබීරියාව සහ බටහිර යුරෝපය වැනි රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන් 400කට වැඩි ප්‍රමාණයක් මේ කාලයේ දී නැරඹීමට හැකියාව ඇත.
කුමන ජාතික කුරුලු උද්‍යානය, කළමැටිය කුරුලු උද්‍යානය, උඩවත්ත කැළේ ඇතුළු වන උද්‍යාන, වන රක්ෂිතවල දී පක්ෂී වර්ග ඇතුළු ක්‍රියාකාරකම් නැරඹීමට දේශීය මෙන් ම විදේශීය සංචාරකයින්ට වැඩි ඉඩකඩ පවතී