හෙටට (23දා) යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් විශේෂ කොඩියක් නිර්මාණය කරඇතිඅතර එහි ප්‍රථම කොඩිය අද (22)දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම සිදු කෙරේ.
හෙට සිට ජුලි මස 31දා තෙක් දිවයින පුරා මහජනයා වෙත මෙම සමරු කොඩි අළෙවි කිරීම සිදු කෙරෙන අතර එමගින් ලැබෙන ආදායම සෙවණ අරමුදලට බැර කරනබව නිවාස අමාත්‍යංශය පවසයි.
මෙම කොඩි අළෙවියෙන් ලැබෙන මුදල් ඒ ඒ දිස්ත්‍රික්කයන් හි නිවාස අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා යොදාගැනීමට නියමිතය.