ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් පවරා තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ප්රියසාත් ඩෙප්, කේ.ටී. චිත්රසිරි සහ ප්‍රියන්ත යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන එලෙස නියම කෙරිණි.
66 වැනි ජාතික නිදහස් උලෙළේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පවසමින් කැලණිය, ගල්බොරැල්ලේ සංජීව සුදත් පෙරේරා, පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැලණියේ දොන් ප්‍රේමරත්න මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කොට තිබිණි.