ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29දා) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අමාත්‍යාංශයේ පසුගිය ක්‍රියාකාරකම් සහ ඉදිරි සැලසුම් පිළිබඳවද විමසා බැලීය.
පසුගිය තෙවසර තුළ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ජාතික වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි වසරවලට අදාළ සැලසුම් පිළිබඳ ලිපි ලේඛනද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට එක් විය.