ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අද දින (22දා) සිට 29දා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම සතියක කාලය තුළදී ආහාර පරික්ෂාව, ආපන ශාලා පරික්ෂාව, පාසල් ආපන ශාලා පරික්ෂාව ආදිය සිදුකිරීමට නියමිතය.
මේ වන විට ක්රියාත්මක සීනි මට්ටම කියවෙන ලේබල්කරණ වැඩපිළිවෙළ නිසි ලෙස ක්රියාත්මක වන්නේදැයි සොයාබැලීම, ආපනශාලාවල තේ පාන සඳහා සීනි වෙනම ලබාදෙන්නේද ආදී කාරණා පිළිබඳවද මෙහිදී පරික්ෂා කෙරෙන බව රජය ප්රකාශ කරයි.