රටේ ඒකීයභාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අත්දැකීමක් සහ විශාල අවබෝධයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (16දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර පැතිර වීම වළක්වන ලෙස ඒ මහතා එහිදී සියලු ජනමාධ්‍යවලින් ඉල්ලා සිටියේය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු සැපයීමේදී අන් කවර කාරණයකටත් වඩා ජනමාධ්‍ය සැලකිලිමත් විය යුතු බවද ඔහු පැවසීය.