ජාතික අරක්ෂාවට කිසිදු බලපෑමක් ඇතිවීමට ඉඩ නොදෙන බවත්, වත්මන් රජය සෑමවිටම ජාතික අරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අද (30දා) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමුකරන ලද යෝජනාවට පිළිතුරු කතාව සිදුකරමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.
රාජ්‍ය ආරක්ෂවට තර්ජනයක් වන ඇතැම් සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම පිළිබඳව සහ නාවික හමුදා කඳවුරකට ජාත්‍යන්තර සංවිධානයක් ඇතුළුවීම සම්බන්ධයෙන් කරුණු මතුකරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිය යෝජනාව ඉදිරිපත් කළේය.
එමෙන්ම මෙම සංවිධාන නිදහස්කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත්වීමෙන් පත්කළ කමිටුවක වාර්තාවක් පදනම් කරගෙන බවත්, එහිදී පසුගිය වසර තුනක කාලය තුළ ත්‍රස්තවාදී සංවිධාන වෙත මුදල් ලබාදීම, බුද්ධිමය තොරතුරු ලබාදීම සහ මූල්‍ය අධාර ලබානොදීම ආදී කරුණු අදාළ නොවන සංවිධානවල තහනම මෙලෙස ඉවත්කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.