ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයෑමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබුණද ජාතික ආණ්ඩුව බලාත්මක වීමේ ගිවිසුම දීර්ඝ කර නොමැතිවීමෙන් එය අර්බුදකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර දෙවර්ෂයක් සඳහාඅත්සන් කළ ගිවිසුම පසුගිය 2017 වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන් විය.
2018 වර්ෂය ආරම්භවී මාස දෙකක් ගතවී තිබුණද මේවනතුරුත් ජාතික ආණ්ඩු ගිවිසුම දීර්ඝ කළ බවක් ආණ්ඩු පාර්ශ්වයෙන් නිවේදනය නොකළ අතර, එවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවටද ලැබී නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පසුගිය පාර්ලිමේන්තුසැසි වාරයේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
මේ නිසා ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමටත්, ඒවෙනුවෙන් හෙට (21දා) කැබිනට් සංශෝධනයක් සිදුකිරීමටත් ආණ්ඩුව තීරණය කර තිබුණද ජාතික ආණ්ඩු ගිවිසුමක් නොමැතිව එම සංශෝධනයන් තවදුරටත් වලංගුවන්නේද යන ප්රශ්නය මතුව තිබේ.
එමෙන්ම ජාතික ආණ්ඩුව පිළිබඳ වලංගු ගිවිසුමක් නොමැතීවීම තුළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් අනුමත කරනා ටෙන්ඩර් ආදිය මෙන්ම ගණුදෙනු තුළද වලංගු භාවයක් තිබෙද යන්නද ප්රශ්නකාරී විඇත.
එබැවින් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් පැහැදිලි ප්රකාශකයක් කරන්නේනම් එය වැදගත්වන බව දේශපාලනශන ක්ෂේත්‍රෙයේ බොහෝදෙනෙකුගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙතෙක් දැනුම්දී නොමැති බැවින් ජාතික ආණ්ඩුව බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.
“2015 අගෝස්තු 17 වැනිදා ඡන්දයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහත්මා අගමැති ලෙස පත්කර පසුව ජාතික ආණ්ඩු ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකට අනුවයි. ජාතික ආණ්ඩුවේ තත්ත්වය යම්කිසි හෙයකින් වෙනස් වෙනවානම් එය ආපසු පරණ තත්ත්වයටම යනවා. ඒ කියන්නේ තනි ආණ්ඩුවකට තිබියහැකි වැඩිම ඇමතිකම් සංඛ්‍යාවට පත් වෙනවා. ඒදේහැර වෙනත් කිසිවක් සිදුවෙන්නේ නැහැ. මම හිතන හැටියට ජාතික ආණ්ඩුව අවසන් වෙන්නේ නැහැ. මම දන්න හැටියට ජාතික ආණ්ඩුව අවසන් වෙන්නේ නැහැ" යනුවෙන්ද ඒ මහතා කියා සිටියේය.