ජාතික ආණ්ඩුව අවසන් බැවින් අග්රාමාත්යවරායට වරමක් නොමැත බවත් එහෙයින් ජනපතිට අලුත් අගමැතිවරයෙක් පත්කළ හැකි බවත් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතා පවසයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා අතර හමුවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවැසීය.
“එතුමා ආවේ ව්‍යවස්ථාව යටතේ. ව්‍යවස්ථාව යටතේ ආපු කෙනා ව්‍යවස්ථාව යටතේ යන්න ඕන. ව්‍යවස්ථාවේ බලය නැත්නම්. මොකද පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ආණ්ඩුවක් හදන්න බලය දෙන්න කියලා.
ඒක ඉවර වුණාම මොන තර්ක කතා කළත් ඒ වරම නෑ. ඒ නිසා ජනපතිතුමාට අලුත් අගමැති කෙනෙක් පත්කරන්න පුළුවන්. මන්ත්‍රීවරු ඉන්නේ කාටද කියන එක පෙනෙයි හෙට හෝ අනිද්දා උදේට.”