ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා සෛවරීභාවය ආරක්ෂා කිරිම වෙනුවෙන් රුසියාව සෑම අවස්ථාවකදිම ශ්‍රී ලංකාව සමග සිටින බවත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර තලයේදීත් ශ්‍රී ලංකාවට සහාය දැක්විමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා පැවැසීය.
රුසියාවේ සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුසායාවේ පැවැති විශේෂ සැමරුම් උත්සවයක් අමතමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළඳ, අධ්‍යාපන, සංස්කෘතික යන සියලු අංශවල ඉදිරි සංවර්ධනයට ශ්‍රී ලංකාවේ සහාය හිමි වෙන බවයි.