යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස විදෙස් විනිසුරන් හෝ අධිකරණ ක්‍රියාවලියක හෝ මැදිහත් වීමක් හෝ , විශේෂඥයන් ‘ආනයනය ‘ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර ඇත්තේ බීබීසීය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී ජනාධිපතිවරයා අවධාරණයෙන් සඳහන් කර ඇත්තේ ‘සිදු කරන විමර්ශනය අභ්‍යන්තර සහ දේශීය වූවක් විය යුතු’ බවයි.
‘මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන් , ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ’ යි ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.