එක්සත් ජාතීන්ගේ සංවිධානය 2017 වසරේදී පැවැත්වීමට නියමිත වෙසක් දිනය හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව මූලික කටයුතු සොයා බැලීම සඳහා වූ විශේෂ කමිටුවක් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ජේ.එන්. මංගලතිස්ස මහතාගේ මූලිකත්වයෙන් පත්කර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සංවිධානය කෙරෙන මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන මෙන්ම, පුද්ගලික අංශය හා රාජ්‍ය නොවන සංවිධානවලද සහයෝගය ලබාගැනීම කෙරෙහි මෙම කමිටුවේ විශේෂ අවධානය යොමුව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම අවශ්‍ය සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීම සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත එළඹෙන අප්‍රේල් 26 වැනිදා කමිටු වාර්තාව ලබාදීමට නියමිත බවද බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසා සිටියි.