සැප්තැම්බර් 02 දිනට යෙදෙන ජාත්‍යන්තර පොල් දිනය සැමරීමට සමගාමීව අලුතින් පොල් පැළ ලක්ෂ 25ක් සිටුවීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර පොල් දින සැමරුම් උලෙළ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිලනිවස පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ නිමිත්තෙන් ඉදිරි මාස 04 තුළ නව පොල්පැළ ලක්ෂ 25ක් රෝපණය කිරීමේ ව්යාපෘතියඅරඹමින් එම වැඩසටහනේ පළමු පොල්පැළය කථානායක කරු ජයසූරිය මහතාගේ අතින් එදින රෝපණය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.